රාජපක්ෂ රෙජීම මාධ්‍ය දඩයම : උපාලිට ගහපු හමුදා සෙබලාට නඩු !

රාජපක්ෂ රෙජීම මාධ්‍ය දඩයම : උපාලිට ගහපු හමුදා සෙබලාට නඩු !

රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට හා ඔහුගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.

ගම්පහ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා මෙම නඩුව පැවරීම සිදුකර ඇත්තේ අගෝස්තු 07 දිනදීය.

යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු වූ ප්‍රේම් ආනන්ද උදලාගම හා රාජපක්ෂගේ ලලිත් රාජපක්ෂ යන දෙදෙනාට එරෙහිව මෙසේ නඩු පවරා ඇත.

උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමට කුමන්ත්‍රණය කිරීම, තෙන්නකෝන් මහතාට හා ඔහුගේ බිරිඳට පහරදී බරපතල තුවාල සිදු කිරීම, එම යුවලගේ මෝටර් රථයට පහරදී අනර්ථයක් සිදු කිරීම, යන චෝදනා විත්තිකාර යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට එරෙහිව ගොනුකර තිබේ.

2009 වර්ෂයේ ජනවාරි 23 දින ගම්පහ ඉඹුල්ගොඩදී උපාලි තෙන්නකෝන් මහතා මෙම පරදීමේ සිද්ධියට මුහුණ දුන්නේය.

විත්තිකරුවෙකු වන රාජපක්ෂගේ ලලිත් රාජපක්ෂ 'ද නේෂන්' පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීමේ සිද්ධියේද සැකකරුවෙකි.

එමෙන්ම මෙම නඩුව ඉතිරි සැකකරුවන් වන සීවලී බුලත්වත්ත, එස්.ජී. ප්‍රේමචන්ද්‍ර පෙරේරා, ප්‍රභාත් දුමින්ද වීරරත්න, ලසන්ත විමලවීර, නිශාන්ත ජයතිලක හා එම්.ආර්. නිශාන්ත කුමාර යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට විරුද්ධව කටයුතු නොකරන හෙයින් ඔවුන් මුදා හරින ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇත.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න