කැබිනට් රැස්වීම අල වෙයි !

කැබිනට් රැස්වීම අල වෙයි !

ලබන සතියේ සිට කැබිනට් රැස්වීම උදෑසන 8.30ට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ රැස්වීම උදෑසන 7.30ට ආරම්භ කළ යුතු බව පවසමින් පසුගිය කැබිනට් රැස්වීම් එම වේලාවට ආරම්භ කිරීමට ජනාධිපති සිරිසේන පසුගිය සතියේ තීරණය කළත් ඊයේ 7.30 වන විට අමාත්‍යවරුන් 5 කු පමණක් කැබිනට් රැස්වීම සදහා පැමිණ තිබීම නිසාය.

ඒ අනූව මේ ආකාරයට කැබිනට් රැස්වීමක් පැවැත්විය නොහැකි බව පවසමින් කැබිනට් රැස්වීම පවත්වන වෙලාව උදෑසන 8.30 ලෙස වෙනස් කරන ලෙස ජනාධිපති සිරිසේන ඊයේ දැනුම්දී ඇති බවද වාර්තා වේ.

ඒ අනුව ලබන සතියේ සිට කැබිනට් රැස්වීම අඟහරුවාදා උදෑසන 8.30ට ආරම්භ කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න