වන්නි ප්‍රදේශ සංවර්ධනය අඛණ්ඩව : අගමැතිගෙන් සහතිකයක් !

වන්නි ප්‍රදේශ සංවර්ධනය අඛණ්ඩව : අගමැතිගෙන් සහතිකයක් !

වව්නියාව සහ වන්නි ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා වත්මන් රජය ආරම්භ කළ කාර්යභාරය තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා විශේෂ පියවර රැසක් නුදුරේදී ගැනීමට අපේක්‍ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (14) දින වව්නියාව මහා රෝහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම හා නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබීම වෙනුවෙන් පැවැත්වුණු උත්සව සභාව අමතමිනි.

අධ්‍යාපනය හා සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සඳහා වැඩි මුදලක් වැය කිරීමට රජය ප්‍රමුඛත්වය ලබාදුන් බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා එය වත්මන් පරම්පරාව වෙනුවෙන් සිදු කළ ආයෝජනයක් බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රජරට සහ වන්නි ප්‍රදේශයන්ට ප්‍රතිලාභ සැලසෙන මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ වැඩකටයුතුවලට ලබන සතියේ මුලපිරෙන බව ද අගමැතිවරයා මෙහිදී හෙළි කළේය.

උත්සව සභාව අමතමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරතන්න පැවසූයේ නිදහස් සෞඛ්‍ය සේවය නිසියාකාරයෙන් අරුත් ගැන්වූණේ මේ රජය යටතේ බවය.

පිළිකා හා හෘද ආදී රෝගීන්ට තිබුණු ආර්ථික අපහසුකම් මකාලමින් ඒ සියලූ කටයුතු නොමිලේ සිදු කර දීම සඳහා රජය විසින් මුදල් වෙන්කර ඇති බව ද සෞඛ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සිවමෝහන්, නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති ඊවා වැන් වුසර්මි (Mrs. Eva van Woersem), වව්නියා දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්‍ෂක වෛද්‍ය නන්ද කුමාරන්, හිටපු උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය සත්‍යලිංගම්, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයින් රැසක් සහභාගීව සිටියහ.

FB IMG 1565795650633

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න