සත්‍ය ජයගනී - සජිත්

සත්‍ය ජයගනී - සජිත්

තමන් කිසිවක් අසුබවාදීව නොදකින බවත් ධනාත්මක චින්තය පිළිබඳ විශ්වාසය තබන බවත් එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවැසීය.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් ඊයේ (13) පැවැති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“සංවිධාන වැඩපිළිවෙළ සාකච්ඡා කළා. ශක්තිමත් දේශපාලන ගමනක් ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කොයි ආකාරයෙන්ද යන්න ගැන ක්‍රමෝපායන් ක්‍රමවේද ගැන අපි සාකච්ඡා කළා.

අපේ රටේ කථා කිරීමේ නිදහස තිබෙනවා. මතයක් දැරිමේ නිදහස තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවදි ක්‍රමවේදය තුළ ඕනෑම තෙනෙකුට තමන් විශ්වාස කරන මතයක් දරන්න ඉඩ තිබෙනවා.

සත්‍ය කවදා හෝ ජයගනියි. අපේ දේශපාලන ගමන අනාගතය තීන්දු වන්නේ තවත් නෙනෙකුගේ අපේක්ෂකත්වය මත නෙමෙයි. අපේ ප්‍රතිපත්ති, දර්ශනය අනුවයි.

මම කිසිදෙයක් අසු‍ෙවාදීව සිතන්නේ නෑ. මම ධනාත්මක චින්තනය විශ්වාස කරන කෙනෙක්”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න