සිරිසේනගේ අලුත් ගේම : ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 23 වනදා !

සිරිසේනගේ අලුත් ගේම : ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 23 වනදා !
සීමා නිර්ණය වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේ දැයි නිගමනයක් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එහි අනෙක් සාමාජික විනිසුරුවරුන් වන්නේ  බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ ,ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ ය.
මෙම විනිසුරු මඩුල්ල හමුවේ ජනාධිපති වරයාගේ ඉල්ලීම ලබන 23 වනදා සලකා බැලීමට නියමිතයි.
එසේම මෙම ඉල්ලීමට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන 21 වන දා හෝ ඊට පෙර ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර්වරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ද දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය ලබන 30 ට පෙර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න