ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේ : පළාත් සභා මැතිවරණයට නීතිමය බාධාවක් !

ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේ : පළාත් සභා මැතිවරණයට නීතිමය බාධාවක් !

එළැඹෙන ජනාධිපතිවරණය නොවැම්බර් 16 හෝ ඊට ආසන්න දිනයක පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන ආකාරයට පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට තිබෙන නෛතික බාධාවක් තිබීම ඊට හේතු වී තිබේ.

ජනාධිපති සිරිසේන විසින් මේ වන විටත් පළාත් සභා මැතිවරණය කැඳවීමට ඇති නෛතික තත්ත්වය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් මතය විමසා ඇති අතර ඒ සලකා බැලීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධ නෛතිකභාවය අගෝස්තු අවසන් සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති සිරිසේන දැනුවත් කිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.

පළාත් සභා මැතිවරණයට නීතිමය බාධාවක් !

කෙසේ වුවත් නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පසුබිමක් නොමැති බවය. ඊට ඇති නෛතික බාධාවන් පෙන්වාදෙන එම නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ සීමා නීර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සම්මත නොවී ඇති පසුබිමේ පළාත් සභා මැතිවරණයක් ගැසට් කිරීමේ හැකියාවක් නොමැති බවය.

 සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරලා !

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු මෙසේ පැවසීය.

‘‘පළාත් සභා මැතිවරණ පනත 2017දී අලුතෙන් සම්මත කරගත් නමුත් ඊට අදාල සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කර නෑ. අදාල පනත යටතේ සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත වෙන්න අවශ්‍යයි. නමුත් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වූ සීමා නීර්ණ වාර්තාව ඒකමතිකව ප්‍රතික්ෂේප වුණා.

පාර්ලිමේන්තුව තුළ ප්‍රතික්ෂේප වූ වාර්තාව ජනාධිපති කොහොමද ගැසට් කරන්නේ. පාර්ලිමේන්තුව අනුමත නොකරන ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපති වෙත හැකියාවක් නෑ.‘‘

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න