ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ : ලේකම් ධූරයත් එජාපයට !

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ : ලේකම් ධූරයත් එජාපයට !

ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 16 දින පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

එහෙත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට පෙර කියා සිටියේ ජනාධිපති මැතිවරණය නොවැම්බර් 15ත් දෙසැම්බර් 07 අතර කවර හෝ දිනක පැවැත්වීමට ඉඩ ඇති වගය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුව මේ ගැන අදහස් දක්වමින් වැඩිදුරටත් දේශය සමඟ කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා අවම වශයෙන් දින 44කුත් හෝ උපරිම දින 65ක් හෝ අවශ්‍ය බවයි. අප වෙත ලැබී තිබෙන ආරංචි අනුව ජනාධිපතිවරණය කැඳවීමේ ප්‍රකාශය ඔක්තෝබර් මස මුල සතියේ දී නිකුත් කෙරෙනු ඇත.

තවද සන්ධානයේ ලේකම් ධූරය බහුතරය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට මෙහිදී එකඟවී ඇත.

එසේම සන්ධානයේ ඉදිරි කටයුතුවලදී ප්‍රතිපත්තිමය තීන්දු තීරණ සඳහා 70% ක කැමැත්ත අවශ්‍ය නොවන බවත් එය 51%ක බහුතරයකින් සිදුකළ යුතු බවත්, කිසියම් හෝ කරුණක් මත සන්ධානයේ එක් පාර්ශවයක් සම්බන්ධ විනය ක්‍රියාමාර්ග හෝ සන්ධානයෙන් ඉවත් කිරීමක් සිදුකිරීමට අවශ්‍ය වුව හොත් ඒ සඳහා 70%ක බහුතර කැමැත්ත ලැබිය යුතු යැයි ද මෙහිදී තීරණය කර ඇත.

අද මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරු වන රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ද මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරමින් රවුෆ් හකීම් අමත්‍යවරයා ද, ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ද, එසේම රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග ඇතුළු නියෝජිත පිරිසක් සහභාගි වී ඇත.

අද මෙම සාකච්ඡාව සඳහා සිය පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ද, අත්‍යවශ්‍ය රාජකාරීමය කටයුත්තක් හේතුවෙන් දිගම්බරම් අමාත්‍ය ද සහභාගි වී නොමැති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න