Language Switcher

V2025

චන්ද්‍රිකා - සිරිසේන එක්වෙයි : ජනාධිපතිවරණය ගැන තීන්දුව පසුවට !

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තමාගේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ පසුව බව ජනාධිපති  සිරිසේන පවසයි.

ඒ ජනාධිපති නිල නිවසේ අද (27) පස්වරුවේ පැවති ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාෂිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙම රැස්වීමට සහභාගිවී සිටි අතර ජනාධිපතිවරයා විසින් ඇයව ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගත් බවත් වාර්තා වෙයි.

ඉදිරියේ දි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට වඩා පාර්ලිමේන්තු මැතිවරණය දේශපාලනික වශයෙන් වැදගත් බව රැස්වීම අමතමින් කියා සිටි ජනාධිපතිවරයා, 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මින් ඉදිරියට ජනාධිපති තනතුර බලවත් තනතුරක් නොවන බවත් පාර්ලිමේන්තු බලය අතිශයින්ම වැදගත් බවත් අවධාරණය කර සිටියේ ය.

එහෙයින් ජනාධිපතිවරණය ගැන සිතනාවට වඩා පාර්ලිමේන්තු බලය ලබා ගැනීම සම්බන්ධයෙන් සියලුම ආසන සංවිධායකවරුන් අවධානය යොමුකල යුතු බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

“ජනාධිපති ධූරයට තරග කිරිම ගැනවත්, වෙනත් පක්ෂවල අපේක්ෂකයින්ට සහාය දැක්වීම ගැන මෙතන මාතෘතාවක් කර ගන්න ලෑස්ති වෙන්න එපා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරාට පස්සේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දු තීරණ ගන්න වැඩේ කරන්න අපට හැකියාවක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකක් ඉදිරිපත් කරනවා ද ? නැතිනම් එක්සත් ජාතික පෙරමුණට හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය ලබා දෙනවා ද? යන්න සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරුනාට පසුවයි" යයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.