ඉනෝකාගේ සභාපතිකම රකින්න : සිරිසේන රූපවාහිනිය ගිලියි !

ඉනෝකාගේ සභාපතිකම රකින්න : සිරිසේන රූපවාහිනිය ගිලියි !

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට ජනපති  සිරිසේන  විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි රූපවාහිනී සංස්ථාව මෙසේ ආරක්ෂක ආමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.

මීට හේතුව ලෙස වාර්තා වන්නේ කැබිනට් නොවන ජනමාධ්‍ය  අමාත්‍ය රුවන් විජයවර්ධන පත්කල රූපවාහිනී සංස්ථාවේ නව සභාපති කැලුම් පාලිත මහීරත්න එම තනතුර ලබාගැනීමට යාම ජනාධිපති සිරිසේනගේ පාර්ශවයට දරාගත නොහැකි වීමය.

මේ වන විට ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය ඒකකය විසින් පවත්වාගෙන යන වෙබ් අඩවි වාර්තා කරන්නේ රුවන් විජයවර්ධන අමාත්‍යවරයාගේ මැර කණ්ඩායමක් පැමිණ ලේ සෙලවීමකට සූදානම් වන විට ජනාධිපති විසින් රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැසට් කරනු ලැබූ බවය.

එහෙත් එය ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රචාරයකි. සාමාන්‍යයෙන් අමාත්‍යවරයකු වෙත විෂයක් පැවරුණු විට ඊට තමන්ට විශ්වාසවන්ත අය ප්‍රධානීන් ලෙස පත්කර ගනු ලබයි. රූපවාහිනී සංස්ථාව වෙත සභාපති තනතුර සඳහා කැලුම් පාලිත මහීරත්න පත්කෙරෙන්නේද ඒ අනූවය.

පිළිගත් සම්ප්‍රදාය වන්නේ අමාත්‍යවරයා වෙනස් වන විට සභාපති වැනි තනතුරුවල සිටින ප්‍රධානීන් ඉල්ලා අස්වීමය. 

අනතුරුව ඇයට අවස්ථා ගණනාවක් ඉල්ලා අස්වීමට අමාත්‍යාංශය දැනුම් දුන්නද ඇය ඉල්ලා අස්වූයේ නැත. 

ජනාධිපති සිරිසේන රූපවාහිනී සංස්ථාව පවරා ගනිමින් නිකුත්කල ගැසට් නිවේදනය පහත දැක්වෙයි.

IMG 20190909 WA0010

IMG 20190909 WA0011

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න