'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' යාපනය ප්‍රදර්ශනයේ අද සඳුදා (09) ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාව උතුරේ දේශපාලන නායකයින් විසින් ඉතාමත් උණුසුම් අන්දමින් පිළිගනු ලැබිය.
උත්සව භූමියට පැමිණි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාව පිළිගනු ලැබුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසිනි.
ප්‍රදර්ශනය නිරීක්ෂණය කිරීමෙන් පසුව ඇමති සජිත් ප්‍රේමදාස සමග පැවති සුහඳ හමුවට මාවෙයි සේනාධිරාජා, එම්. ඒ. සුමන්තිරන්, දර්මලිංගම් සිද්ධාර්තන්, ඊශ්වරපාදම් සරවනබවන් යන දෙමල ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා යාපනය නගරාධිපති එම්මානුවේල් ආනොල්ඩ් ද එක්ව සිටි අතර දිවා භෝජනයත් සමග පැවති එම සාකච්ජාව පුරා පැය තුනකට වැඩි කාලයක් පැවැතියේය.
එහිදී සාකච්ජා වූ තොරතුරු වාර්තා වී නොමැති නමුත් එම අවස්ථාවට එක්ව සිටි මුදල් රාජ්‍ය ඉරාන් වික්‍රමරත්න පැවසුයේ, සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හා උතුරේ දේශපාලනඥයින් අතර පැවති සාකච්ජාව අතිශයින් ඵලදායක බවයි.







newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
