එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධව සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ආරාධනා කර ඇති බව වාර්තා වෙයි.
මේ බව සදහන් කර සිටියේ ශ්‍රිලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින්ය.
පක්‍ෂය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙන්ම සෙසු පක්‍ෂ සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක පවසයි.
මන්තී‍්‍රවරයා නොච්චියාගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සදහන් කළ එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
"බය නැතුව ඉන්න. ශ්‍රීලනිපය ඉතිහාසයෙත් මේ වගේ අසීරු කාලවලට මුහුණ දීලා තියෙනවා. ශ්‍රීලනිපය යළි ශක්තිමත් වෙන දිනය වැඩි ඈතක නෑ."
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
