වතුකරයේ සහය දිනන්න පුළුවන් අපේක්ෂකයාට - දිගම්බරන්

වතුකරයේ සහය දිනන්න පුළුවන් අපේක්ෂකයාට - දිගම්බරන්

එළැඹෙන  ජනාධිපතිවරණයේදි ජනතාව ඉල්ලන දිනන්න  හැකියාව තිබෙන අපෙක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ නම් පමණක් වතුකරයේ ජනතාවගේ  සහයෝගය එක්සත් ජාතික පක්ෂයට ලබාදෙන බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරන් පවසයි.

අමාත්‍ය පලනි දිගම්බරන්  මෙසේ  කියා සිටියේ නුවරඑලිය  නානුඔය පිඩ්රු වතු යායේ ස්කාප් කොටසේ අලුතින් වතු නිවාස 25 ඉදි කිරිම සදහා ඊයේ (09) පස්වරුවේ එම වතුයායේදි මුල් ගල තැබිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය පලනි දිගම්බරම්  කියා සිටියේ  ජනාධිපති අපෙක්ෂකයාට වතුකරයේ ජනතාවගේ සහයෝගය ලබා දිම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක වත්මන් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහව දැනුවත් කර ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයෙන් දිනන අපෙක්ෂකයෙකු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන බවට තමන් තුල විශ්වාසයක් ඇති බව පලනි දිගම්බරන් අමාත්‍යයවරයා කියා සිටියේය.

ජනාධිපතිවරණය පැවැත්විමෙන් අනතුරුව මහ මැතිවරණයත් ඉන් අනතුරුව පලාත් සභා මැතිවරණයත් පැවැත්වෙන බව අමාත්‍ය පලනි දිගම්බරන්  කියා සිටියේය.

පැවැත්විමට නියමිත සැම මැතිවරණයකින්ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බවත්,  එක්සත් ජාතික පක්ෂ රජයක් තුලින් වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට විශාල වැඩ කොටසක් සිදු කල බවත්, වතුකරයේ ජනතාව වෙනුවෙන් අලුතින් පලාත් පාලන ආයතන ස්ථාපනය කිරිම , වතු කම්කරුවන්ට පර්චස් 7 ක ඉඩමක් සහිත නිවසක් ලබා දිම , හිමිකම් ඔප්පු ලබා දිම  ඇතුළු සංවර්ධන කටයුතු රාශ්‍රියක් සිදු කල බවයි අමාත්‍ය පලනි දිගම්බරන්  කියා සිටියේය.

එම වතුයායේ ඉදි කිරිම් ආරම්භ කල වතු නිවාස 25  සදහා එම අමාත්‍යංශය මගින් එක් නිවසකට රු ලක්ෂ 10 ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර එම සැම නිවසක්ම වර්ග අඩි 750 කින් සමන්විත වෙයි.

හරිත රන් නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදි කරන එම සැම නිවසකටම විදුලිය පානිය ජලය , මං මාවත්  ලබා දිමටද නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න