සජිත් සාකච්ඡා ගැන සුභවාදී ස්ථාවරයක !

සජිත් සාකච්ඡා ගැන සුභවාදී ස්ථාවරයක !

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සමඟ ඉතා ධනාත්මක ශුභවාදී සාකච්ඡාවක් කළ බවත් කෙටි කලක් ඇතුළත  සුභවාදී ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස  අතර  කොළඹ අරලියගහ මන්දිරයේ දී ඊයේ (10) රාත්‍රී පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය  අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා  මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරියට යාම තම එකම අරමුණ බව කී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා  මෙවැනි සාකච්ඡා වට කිහිපයක්ම ඉදිරි දින වලදී  පැවැත්වීමට අදහස් කරන බවද පැවසීය.

සාකච්ඡාවේ සියලු කතා හෙළි කළ නොහැකි වන්නේ ප්‍රතිවාදීන්ට එයින් යම් වාසියක් අත්වන නිසා බව කී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා  බුදුබව ලබන්නත් පෙරුම් පුරන්නට අවශ්‍ය වූ බවත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය විසින් තමනට තැනක් නොදීම ගැන ප්‍රශ්නයක් නැතැයිද පැවසූ ඔහූ තමන් උකුස්සෙක් රාජාලියෙක් නොව සද්දන්ත ඇතෙක් බවත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ඉතා ධනාත්මක මතයක සිටින බව ද ඉතා කෙටි කලකින් සුබවාදී ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා  වැඩිදුරටත් කීය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණ ජය ගැනීම සඳහා වන මැතිවරණ උපක්‍රමද මෙහිදී සාකච්ජාවට බඳුන් වී ඇති අතර අපේක්ෂකයා කව්රුන් වුවද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කලයුතු බවට වැඩි දුරටත් සාකච්ජා වී තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම හමුව සිදු වූයේ පක්ෂයේ ජේෂ්ඨ නායකයින් සහ අගමැතිවරයා අතර ඉකුත් 6 වැනිදා පැවති සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුවය.

මුලින් “රනිල් - සජිත් හමුව” ඉකුත් ඉරිදා 8 පැවැත්වීමට නියමිතව තිබූ අතර පසුව එය අද 10 රාත්‍රිය තෙක් කල් ගියේය.

එක්සත් ජාතික පක්ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා පමණක් මෙම හමුවට සහ සහභාගී විය යුතු යැයි මුලින් තීරණයය වී තිබුණ ද ඊයේ රාත්‍රියේ පැවැති විශේෂ  සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයයේ සභාපති මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර  සහභාගි වූහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න