දිලිත්ගේ පත්තරේ 'සජිත්-ඩඩ්ලි රහස් කතාව' පට්ටපල් බොරුවක්

දිලිත්ගේ පත්තරේ 'සජිත්-ඩඩ්ලි රහස් කතාව' පට්ටපල් බොරුවක්

'අරුණ' පුවත්පත තමා සම්බන්ධයෙන් සිරස්තලයෙන් යුතුව පළකර ඇති පුවත පට්ටපල් බොරුවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොයුරු ඩඩ්ලි සිරිසේන පවසයි.

ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොයුරු ඩඩ්ලි සිරිසේන අතර රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවට 'අරුණ' පුවත්පතේ පලවී ඇති වාර්තාව සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' කළ විමසීමකදී ඔහු එබව සඳහන් කළේය.

ගෝඨාබය රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ උපදේශක දිලිත් ජයවීරගේ 'අරුණ' පුවත්පත උපුටා දක්වමින් 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය ද එම පුවත පළකර ඇත.

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සංචාරක හෝටලයකදී මෙම සාකච්ඡාව පෙරේදා (10) දහවල් පවත්වා ඇතැයි ද එම පුවත් වාර්තාවල සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' වෙත තවදුරටත් කරුණු දැක්වූ ඩඩ්ලි සිරිසේන මෙසේ පැවසිය.

'' ඔය තියන කතාව පට්ටපල් බොරුවක්. සජිත් ඇමතිතුමාව පහුගිය දවසක මට ජනාධිපති කාර්යාලයේ කොරිඩෝව ලඟදි හමුවුනා. ඔහු ඇවිත් හිටියේ වෙනත් රාජකාරි වැඩකට. අපි දේශපාලනය ගැන කතා කරන්න එතන වෙලාවක් තිබුනේ නැහැ. කට්ටිය වටවෙලා. විනාඩි දෙක තුනක් ආගිය තොරතුරු කතා කලා. එච්චරයි. ඔය පත්තරේ තියන කතාව පට්ටපල් බොරුවක්..''

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමක දී කියා සිටියේ, පෙරේදා (10) දහවල් එවැනි හමුවක් නොපැවති බවත් එදින දහවල් සජිත් අමාත්‍යවරයා රාජකාරි කටයුත්තක් සඳහා මුදල් අමාත්‍යංශයට ගොස් සිටි බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න