කන්ජිපානිව බලන්න ආ පියා ඇතුළු 06ක් අත්අඩංගුවට

කන්ජිපානිව බලන්න ආ පියා ඇතුළු 06ක් අත්අඩංගුවට

ජංගම දුරකථන දෙකක් හා චාජර් දෙකක් රැගෙන මාලිගාවත්ත ප‍්‍රදේශයේ සිට පැමිණි කන්ජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරා ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බුස්ස බන්ධනාගාර අධිකාරි එම ඒ කරුණාරත්න මහතා පවසයි.

බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කන්ජිපානි ඉම්රාන්ට දිමට රැගෙන ආ ජංගම දුරකථන දෙකක් චාජර් දෙකක් කෑම අසුරනයේ රහස් කුටියක තිබි බුස්ස බන්ධනාගාර වැටලිම් ඒකකයෙන් අත්අඩංගුවට ගත් බව පැවසේ.

සිරකරුවන්ගේ දිනය අද දිනට යෙදි තිබිම නිමිත්තෙන් පුරා සතියක් ම සිරකරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් බන්ධනාගාර තුළ සිදු කරන අතර අද දින ( 12 ) බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින 350ක් සාමාන්‍ය සිරකරුවන් හා විශේෂිත ගණයේ මත් ජාවාරම්කරුවන් 06 දෙනෙකු ඇතුළු 40 දෙනෙකු බැලීම සඳහා ඔවුන්ගේ පවුල් වල සියලූ දෙනාටම අද දින අවස්ථාව ලබා දී තිබු බව බුස්ස බන්ධනාගාර පාලන අධිකාරිය පවසයි .

මෙම සිරකරුවන්ගේ පාලන කටයුතු මෙන්ම එහි පැමිණෙන සිරකරුවන් බැලීම සදහා එන සියලූ දෙනා ම පරික්ෂාවට ලක් කරන විශේෂ ආරක්ෂිත ක‍්‍රමවේදයක් බුස්ස බන්ධනාගාරයේ තිබියදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන කන්ජිපානි ඉම්රාන් වෙලේ සුදා තුසෙයි ගෞතම් පොත්තනවුෆර් වැනි සිරකරුවන් මෙම බුස්ස බන්ධනාගාරයේ රදවා තැබිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තිරණය කර ඇත්තේ ජනාධිපතවරයාගේ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ වැඩපිළිවෙල සාර්ථක කර ගැනිමේ අරමුණින් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා රත්ගම පොලීසියට භාර දිමට කටයුතු කල බව බුස්ස බන්ධනාගාර අධිකාරි පුලින කරුණාරත්න මහතා පැවසිය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න