Language Switcher

V2025

රනිල් ගෙදර යනවාලු ! - සජිත් සමග ඡන්දයකට නොඑයි!!

අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත් වන බවත් එය කළ නොහැකි නම් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් කොළඹ අරලියගග මන්දිරයේ දී පෙරේදා (12) හමුවූ අවස්ථාවේදීය.

වයස අවරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ  තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවේ යැයිද ඔහු එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

මෙවර ජනාධිපතිවරණයේ දී එජාප අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම්, තමා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසා ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.

රනිල්, සජිත් සමග ඡන්දයකට නොඑයි !

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවා ඡන්ද විමසීමක් සිදුකිරීමට වුවහොත් පක්ෂය දෙකඩවීමේ අවධානමක් පවතින හෙයින් එවැන්නකට ඉඩනොතැබීමට එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග වලින් ද වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අදාළව මෙවැනි අවස්ථාවක රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට අවස්ථාව Sajiath 14 text දීමේ අවශ්‍යතාවක් නැති බවත් රනිල් හිතවාදීන්ගේ අදහස වී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග තවදුරටත් පවසයි.    

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය 90කට වැඩි සාමාජික සංඛ්‍යාවකින් සමන්විත වුවද මේවනවිට ඊට පත්ව ඇත්තේ 63දෙනෙකු පමණි.  ඉන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් මෙවවිට සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කිරීමට ප්‍රසිද්ධියේම සහය පළකර තිබෙන තත්වය තුල අගමැතිවරයා පක්ෂ නායකයා ලෙස ඔහුට ඇති බලතල යටතේ තමන්ට හිතවත් 30 දෙනෙකු අලුතින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර එහි බලය තර කර ගැනීමේ උත්සහයක් දරා තිබිණ.

මේවනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන එජාප මන්ත්‍රීවරුන් අතරින් තුනෙන් දෙකකට වැඩි පිරිසත් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කල යුතු බවට දැඩි ස්ථාවරයක සිට කටයුතු කරයි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපති අපේක්ෂකයා කරන්න යැයි සඳහන් යෝජනාවක් සහිත ලිපියකට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් අත්සන් කර ඇති අතර ඔවුන් එය ඉදිරි දිනකදී රනිල් වික්‍රමසිංහ වෙත යොමු කිරීමට නියමිතය.

මීට පෙරද ඔවුන් කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවන්න යැයි ලිපියක් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වෙත යොමුකළත් තවමත් ඔහුගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක්  ලැබී නැත.

කව්රු ආවත් මම එනවා - සජිත් දැඩි ස්ථාවරයක :     

Sajith 1text14තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව මේවනවිට අගමැතිවරයාට නිල වශයෙන් දැනුම්දී ඇති සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා, එජාපයෙන් වෙනත් අයකු ඒ සඳහා ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන්නේ නම් කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවා ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට ඡන්දයක් පවත්වන්නැයි ඉල්ලීමක් ද කර තිබේ.

ඇමතිවරයා එම ඉල්ලීම කර ඇත්තේ ඔහු හා අගමැතිවරයා අතර පසුගිය 10 දා රාත්‍රී පැවති තීරණාත්මක සාකච්ජාවේදීය.

තමන් ජනාධිපතිවරණයට තරග කරන බවට රනිල් වික්‍රමසිංහ නායකවරයා එම සාකච්ඡාවේදී කිසිවක් ප්‍රකාශ නොකළ බව ඊට සහභාගිවූ අමාත්‍යවරයෙකු 'බීබීසී සිංහල සේවයට' පවසා තිබිණ.