ජනාධිපතිවරණය කැඳවන දිනය මෙන්න !

 ජනාධිපතිවරණය කැඳවන දිනය මෙන්න !

ශ්‍රී ලංකාවේ 07 වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමේ නිල නිවේදනය සැප්තැම්බර් 22 වනදා  මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත්කරනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපතිවරණය කැඳවීමේ බලතල 15 වැනිදා සිට මැතිවරණ කොමිෂන් සභාව වෙත ජනාධිපතිවරණ පනත අනුව පවරා ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති  මහින්ද දේශප්‍රිය මීට පෙර   සඳහන් කරන ලදී.

ඒ අනූව වාර්තා වන්නේ ඉදිරි සති අන්තයේදී නිකුත් කරනු ඇති බවත් එම දිනය සැප්තැම්බර් 22 වනදා වනු ඇති බවය.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස දෙවැනි සතියේදී සිදු කිරීමට ඉඩ ඇති බව බවත් ජනාධිපතිවරණය නොවැම්බර් 16 හෝ 23වනදා යන දින දෙකෙන් එකක දී පැවැත්වෙනු ඇති බවත් තව දුරටත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න