විදෙස් ශ්‍රමිකයන් රවටන ජාවාරමමක් ගැන : මුදල් අමාත්‍යාංශයේ අනාවරණයක් !

විදෙස් ශ්‍රමිකයන් රවටන ජාවාරමමක් ගැන : මුදල් අමාත්‍යාංශයේ අනාවරණයක් !

විදේශයන්හි සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයන් හට බදු සහන යටතේ වාහන ලබාගැනීම සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන බවට මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය, එහි අධ්‍යක්ෂ ජනරාල් තනතුර සහ නම ව්‍යාජ ලෙස භාවිත කර කූඨ ලෙස සකස් කරන ලද ලිපි සංක්‍රමණිකයන් වෙත යවන ජාවාරමක් සම්බන්ධව තොරතුරු ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

 තවද මෙම ලිපි මුහුණුපොත (Face book)  සහ වෙනත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සහ අනෙකුත් විවිධ මාධ්‍යයන් මගින්  බෙදා හරිමින් සිදු කරනු ලබන වංචාවට නොරැවටෙන ලෙස මුදල් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

විදේශයන්හි සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයින් හට තීරුබදු සහන වාහන ලබාගැනීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ යෝජනාවක් මුදල් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර නොමැති බව අවධාරණය කෙරේ. එවැනි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන බවට කරනු ලබන සියළු ප්‍රචාරයන් මහජනතාව නොමඟ යවන සුළු හා ව්‍යාජ ඒවා බව දැනුම් දෙනු ලැබේ.

මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව මගින් මහජනයා වෙත සපයනු ලබන එවන් සේවාවන් පිළිබඳව මහා භාණ්ඩාගාරයේ www.treasury.gov.lk නිල වෙබ් අඩවියේ විධිමත් පරිදි දැන්වීම් පළකරනු  ලබන බැවින් තීරුබදු සහන වාහන පිළිබඳ සැබෑ තතු ඒ හරහා ලබාගත හැකිය.

තවද, තීරුබදු සහන බලපත්‍ර නිකුත් කිරීමට එම සේවාවන් සඳහා කවර ආකාරයක හෝ මුදල් අයකිරීමක් සිදු නොකරන බැවින් මේ වනවිටත් මුදල් ගරන වංචා කාරයන් වෙත  ඔබ යම් මුදලක් ගෙවා ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා මෙන් මහජනතාව වෙත කාරුණිකව දැනුම් දෙනු ලැබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න