දැන් පොහොට්ටුව දුටුවිට සිහිවෙන්නේ : මහින්දලා මාටියා ගහපු කෝටි 200 යි !

දැන් පොහොට්ටුව දුටුවිට සිහිවෙන්නේ : මහින්දලා මාටියා ගහපු කෝටි 200 යි !

නෙළුම් කුලුනේ පිටුපස කතාව එතරම් සුන්දර නොවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නෙලුම් කුළුණ විවෘත කරමින් ඊයේ (16) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක් මතුව ඇත. ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති නිහාල් රත්නායක මෙසේ සටහන් කර ඇත.

FB 11

කොළඹ නගරය අලංකාරවත් කරමින් සහ ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් දකුණු ආසියාවේ නවීනතම පහසුකම්වලින් සමන්විත උසම කුලූන ලෙස ඉදිකෙරුණු කොළඹ නෙළුම් කුලූන ජනාධිපතිවරයා  අතින් ඊයේ (16)පස්වරුවේ විවෘත කෙරිණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා, ජාතික සම්පතක්, සංනිවේදනයේ පරිවර්තනයක් ලෙස මෙම ඓතිහාසික කාර්යභාරය පිළිබඳ සතුටුවනවා සේම, ඒ පිටුපස කතාව එතරම් සුන්දර නොවන බවද අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් කරුණු ඇතුලත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කළ අතර "කොළඹ නෙළුම් කුලූන ජනතා අයිතියට පවරාදෙනු ලබන්නේ මතභේදාත්මක ගිවිසුමකින් ශ්‍රී ලංකාවට අහිමිවීමට ගිය විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරිකර දෙමින් බව එම නිවේදනයේ සඳහන් විය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අනුව, නෙළුම් කුලූන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර එම මුදල සම්පූර්ණ ණය මුදලක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබා දීමට චීනයේ EXIM බැංකුව එකඟවී තිබිණි.

එම එකඟත්වයට අදාළව මෙම ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව 2012-01-03 වන දින චීනයේ CEIEC සහ ALIT යන සමාගම් සහ විදුලිසංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ලෙස ඇතිකර ගැනිණි.

පසුව 2015 දී සිදුකරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එයින් එක් පාර්ශ්වයක් වන ALIT නමින් වන සමාගමක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකිබවය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදිමේ පිළිබඳව බීජිංනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා චීන රජයට ද දැනුම්දී තිබේ.

ඒ අනුව ALIT  සමාගම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සාහයක් ගනු ලැබූ නමුත් එ නමින් කිසිඳු සමාගමක් චීනය තුළ හෝ ඉන් බැහැරර ටකින් සොයා ගැනීමට නොහැකි වි ඇත.

ලිපිනයත් ව්‍යාජ එකක් !

එකී සමාගමට අදාළව ගිවිසුමේ අන්තර්ගත ලිපිනය ද ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි විය.

මේ අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන්ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන  02ක මුදලට සිදුවූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවේ.

ඒ අනුව 2017 නොවැම්බර් මාසයේ දී ගිවිසුම්ගත ත්‍රෛපාර්ශ්වීය එකඟත්වයෙන් එක් පාර්ශ්වයක් වූ ALIT නමින් සඳහන්ව තිබු සමාගම බැහැර කරන ලද අතර එම සිදුවීමෙන් පසු චීනයේ EXIM බැංකුව ලබා දෙමින් පැවති ණය මුදල අත්හිටුවන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස චීන EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමාවිය.

එහෙත් ඒ වනවිටත් ලබාගෙන තිබූ එකී ණය මුදල  සඳහා සෑම වර්ෂයකම ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2400ක මුදලක් හෙවත් රුපියල් කෝටි 240ක මුදලක් ශ්‍රී ලංකාව ගෙවමින් සිටී.

2018 වසරට අදාළව ද ශ්‍රී ලංකාව එකී ණයවාරිකය වන රුපියල්කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයටම වාර්ෂිකව ගෙවීමටසිදුව ඇත.

එමෙන්ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය වන රුපියල්කෝටි 120ක මුදලක් මේ වන විටත්ගෙවා තිබේ.

මෙවන් පසුබිමක නෙළුම් කුලූන ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රුපියල් බිලියන 04ක දායකත්වයක් දරමින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරිකර ගැනීමට දායක්තවයක් ලබාදී තිබේ.

'ජනාධිපතිගේ කතාව බොරුවක්' -අනුෂ පැල්පිට ගෙන් පිළිතුරක්

anusha palකොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා ඇලිට් නැමති චීන සමාගමකට 2012 වසරේදී රුපියල් බිලියන දෙකක අත්තිකාරමක් ගෙවා ඇතත් එවැනි සමාගමක් චීනයේ නොමැති බවටත් එම සමාගම චීනයෙන් අතුරුදන් වී ඇති බවටත් ජනාධිපතිවරයා ඊයේ (16) කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ එවකට අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ අනූෂ පැල්පිට සිය නිළ ෆෙස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත.

''නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපතිතුමා විසින් බිලියන 2 ක අත්තිකාරම් මුදලක් ALIT සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීන නොමැතිබව නිවැරදි තොරතුරු ලබා ගැනීමකින් තොරව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වේ. '' යයි අනුෂ පැල්පිටගේ සටහන සඳහන් වේ.

Anusha FP

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න