මජර දේශපාලනයේ නිල කුලුණ ..!

මජර දේශපාලනයේ නිල කුලුණ ..!
ආසියාවේ උසම කුලුණ අපේ නෙලුම් කුලුණ 
අති උත්කර්ෂවත් විදියට ඊයේ ජනතා අයිතියට පත් වුණා. 
 
තප්පරයට මීටර් පහක් හා හතක වේගයෙන් ක්‍රියාත්මක වන ලංකාවේ වේගවත්ම විදුලි සෝපානය තියෙන්නෙත් , පැය එකහාමාරක් තුළ වටයක් කැරකෙන ලංකාවේ එකම අවන්හල හා විවෘත නැරඹුම් මැදිරියක් සහිත ලොව එකම කුලුණ වෙන්නෙත් අපේ නෙළුම් කුලුණ. ඇස් නිලංකාර කරගෙන යන තරමට  නෙලුම් කුලුණේ පාට වලින් මුළු කොළඹම බැබලුණා.
 
 ඇත්තටම ආඩම්බරයි  නේද? 
 
නෙලුම් කුලුණ 2012 රාජපක්ෂ යුගයේ අරඹන්න මුල් ගල තිබ්බේ. චීනයේ සමාගම් දෙකක් එක්ක එකතු වෙලා තමයි නෙලුම් කුලුණ හදන්න ආරම්භ කලේ. එදා නෙලුම් කුලුණ ව්‍යාපෘතිය අද පොහොට්ටු පක්ෂයේ සංඛේතය. සෑහෙන දුර හිතන ව්‍යාපෘතියක් වෙන්න ඕන. එහෙම නැත්නම් නෙළුම් කුලුණ හදන්න චීනයේ ALIT සමාගමෙන් ගත්තු බිලියන දෙක අස්තානගත වෙන්නේ නැහැ. සල්ලිත් නෑ .සමාගමත් නෑ.අන්තිමට චීනේ දන්නෙත් නෑ. රාජ්‍ය පාලනයේ  ආශ්චර්ය වෙන්න ඕන.
 
රාජපක්ෂ සාටක යුගයේ කරපු හොරකම් වල හැටියට මේක මොකක් ද? ඒත් ආසියාවේ ආශ්චර්ය කියලා කුලුණු හදනකොට කාල්ටන් වලට ඇදපු සල්ලි වලින් අපේ රටේ කොච්චර ව්‍යාපෘති කරන්න තිබ්බාද? මේ නෙළුම පිපෙන කොටම යට වෙලා තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි. ඇත්තටම අපිට නෙළුම් කුලුනෙන් සතුටු වෙන්න පුලුවන්ද කියලා ආයේ හිතන්න ඕන. නෙළුම් කුලුණ හදන්න රටේ ජනතාවගේ බදු මුදල් වලින් රාජපක්ෂ යුගයේ අස්තානගත වුණ නය ගෙවන්නේ අහිංසක මිනිස්සු. කුලුණේ උස විතරක් කුලුණට පොඩ්ඩක් එහා ඉදන් බලන අර පැල්පත් වල මිනිස්සුන්ගේ හීන තියෙන්නේ මජර දේශපාලනයෙන් සෑහෙන්න ඈතින්. ආයෙත් අහනවා ඇත්තටම ආඩම්බරයි ද?
 
ශානි මධූ 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න