එජාප අපේක්ෂකයා ගැන මහ ලේකම්ගෙන් නිවේදනයක් !

එජාප අපේක්ෂකයා ගැන මහ ලේකම්ගෙන් නිවේදනයක් !

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරනු ලබන අපේක්‍ෂකයා ගැන ඇතිව තිබෙන තත්වය ගැන පැහැදිලි කරමින් එම පක්‍ෂ මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහත දැක්වෙයි.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තෝරා ගනු ලබන අපේක්‍ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂය තුළ හා ඒ සමග සංධාන ගතවන පක්‍ෂ සහ සංවිධාන තුළ අර්බුදයක් ඇතැයි මවා පෑමට යම් යම් පාර්ශවයන් සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් කර තිබේ.

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනුයේ පුළුල් සංධානයකිනි.

ඒ සංධානය පිහිටුවීම පිළිබඳව දැන් අවසන් එකඟතාවන්ට එළැඹි හමාරය. ඒ එකඟතාවන්ට අනුව අපේක්‍ෂකයා ඉදිරිපත් කෙරෙනුයේ එක්සත් ජාතික පක්‍ෂයෙනි.

මේ පදනම මත එක්සත් ජාතික පක්‍ෂය මඟින් සුදුසු අපේක්‍ෂකයා තෝරා පත් කර ගැනීමට කටයුතු කෙරෙනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් හා සම්ප්‍රදායන් ආරක්‍ෂා කර ගනිමින්, පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව අපේක්‍ෂකයා තෝරා ගන්නා බවත්, ඒ තෝරා ගැනීමෙන් පසු සංධානයට අයත් සියලු පාර්ශවයන්ගේත්, අපේ ප්‍රතිපත්ති හා එක් විය හැකි අනෙක් සියළු සංවිධාන සහ පුද්ගලයන්ගේත් සහය ඇතිව අපේ අපේක්‍ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ සියලු දෙනා පරිපූර්ණ ලෙස කැපවී කටයුතු කරන බවත් අවධාරණය කරනු කැමැත්තෙමි’

අකිල විරාජ් කාරියවසම්
මහ ලේකම්
එක්සත් ජාතික පක්‍ෂය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න