මහින්දගේ නායක භික්ෂුව : සාමනේර දෙනමකට ලිංගික අතවර කර හිරගෙදර !

මහින්දගේ නායක භික්ෂුව : සාමනේර දෙනමකට ලිංගික අතවර කර හිරගෙදර !

පොහොට්ටු පක්ෂයේ මෙන්ම එම පක්ෂයට අනුබද්ද විවිධ සංවිධානවල ඉදිරිපෙල ක්‍රියාකාරී නායක භික්ෂූන් වහන්සේ නමක් වන හෝකන්දර දකුණ, හෝකන්දර දක්ෂිනාරාම ද්වී භාෂා මූලික පිරිවෙනේ පරිවේනාධිපති ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්වාමීන්වහන්සේ, වසය අවුරුදු 13ක කුඩා සාමනේර දෙනමකට අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාදුරුඔයේ ධම්මිස්සර ස්වාමීන්වහන්සේ සමග එම පිරිවෙනේම වැඩ විසූ හී‍නපහුවේ සුමන හිමිද මෙම බරපතල අපරාධය සිදු කිරීම සම්බන්ධයෙන් පසුගිය 11 වනදා සහ 12 වනදා අත්අඩංගුවට ගෙන තිබූ අතර හිමිවරු දෙනම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

හෝකන්දර දකුණ, හෝකන්දර දක්ෂිනාරාම ද්වී භාෂා මූලික පිරිවෙනේ පරිවේනාධිපති ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර ස්වාමීන්වහන්සේ පොහොට්ටු පක්ෂයේ ඉදිරිපෙල ක්‍රියාකාරී නායක භික්ෂූන් වහන්සේ නමක් මෙන්ම ජාතික එකමුතුව, ජාතික විද්වද් භික්ෂු සංසදය, වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය, ජාතික සමතා බලවේගය ආදී සංවිධාන රැසක ක්‍රියාකාරී භික්ෂූන් වහන්නේ නමක් ලෙසද කටයුතු කරයි.

මෙම ස්වාමීන් වහන්සේ ජනාධිපති අපේක්ෂකයන්ගේ විනය, යහ පැවැත්ම ආදිය පිළිබඳව රට පුරා දේශන පවත්වමින් දසපනත නමින් ප්‍රතිපත්තියක්ද සකස් කිරීමේ කටයුත්තේද පූර්ණ ක්‍රියාකාරී සමාජික භික්ෂූණ් වහන්සේ නමකි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි මන්ත්‍රීවරු සමග සමීප ඇසුරක් ඇති මෙම භික්ෂූන් වහන්සේ මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් වැඩකටයුතු සිදු කරන භික්ෂූන් වහන්සේ නමකි.

මෙම සිද්ධියට අදාළ නඩුව ලබන 25වනදා බී 28233/19 යටතේ යළි කැඳවීමට නියමිතය.

අදාල පැමිණිල්ල පහත දැක්වෙයි.

peminilla

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න