මංගල අතීතය සිහිකරයි : දිනේෂ්ගේ රෙදි නැති වෙයි !

මංගල අතීතය සිහිකරයි : දිනේෂ්ගේ රෙදි නැති වෙයි !
ජනාධිපතිවරණය කැඳවා ඇති අවස්ථාවක ආණ්ඩුව රැකියා ලබාදෙන බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද (19) පාර්ලිමේන්තුවේ දී මැසිවිලි නැගීය.
 
එම ක්‍රියාව නීති විරෝධී බවත් මන්ත්‍රීවරයා පැවසීය.
 
එහිදී නැගීසිටි මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර සිටියේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මැරී ඉපදී වැනි හැඟීමක් ඇතිවන ලෙස හැසිරෙන බවයි.
 
එසේම ඒ සම්බන්ධව නිසි පිළිතුරක් දීමට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අසමත් විය.
 
2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණය අවස්ථාවේ ජනවාරි 07 වනදා පවා පත්වීම් ලබාදුන් බවත් ඒ මොහොතේ ඒ සම්බන්ධව නිහඬව සිටි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මේ මොහොතේ නගන අවලාද මුදල් අමාත්‍ය මංගල සමරවීර හාස්‍යට ලක්කලේය.
 
මෙහිදී සභාව හමුවේ අදහස් දැක්වූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කර සිටියේ රැකියා දීම කිසිම ආකාරයට මැතිවරණ නීතිය උල්ලංඝනය වන ලෙස සිදුනොවන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න