ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ අතහැර පොදු ලකුණට එකඟ නොවන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති සිරිසේන ඉදිරිපත් කරන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක පවසයි.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා බුලත් කොළය දකුණු අත ලකුණෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බව ඔහු පැවසීය.
ජනාධිපතිවරණය සඳහා පොදු ලකුණක් යටතේ එක් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවදුරටත් සාකච්ඡා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
