හිටපු මහ බැංකු අධිපති සැකකරුවකු කර උසාවියට කැඳවයි

හිටපු මහ බැංකු අධිපති සැකකරුවකු කර උසාවියට කැඳවයි

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලබන 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රාන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ නියෝගයක් නිකුත් කළේය.

දැනට සිංගප්පූරුවේ වාසය කරන්නේ යයි සැලකෙන මහබැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පෙබරවාරි පහළොස් වනදාට ප්‍රථම ශ්‍රී ලංකාවට පැමිණ රහස් පොලිසිය වෙත කට උත්තරයක් ලබාදෙන නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් වසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් විමර්ශනයට සහාය දැක්වීමක් ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (02දා) මෙම නියෝගය නිකුත් කළාය.

එම නියෝගයේ ඉංග්‍රීසි පිටපතක් සිංගප්පුරුවේ අන්තර්ජාතික පොලිසිය මගින් මහේන්ද්‍රන් මහතාට ලැබීමට සලස්වන ලෙස ද මහේස්ත්‍රාත්වරිය දැනුම් දී සිටියාය.

 

1517560513 Mahendran Aloysius and Palisena named suspects 3

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් සැකකරුවන් ලෙස නම්කරයි.

එසේම, දැඩි මතභේදයට තුඩුදී තිබෙන 'මහබැංකු බැඳුම්කර සිද්ධියේ' සැකකරුවන් ලෙස, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කසුන් පළිසේන යන පුද්ගලයින් නම් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද රහස් පොලීසියට අවසර ලබා දුන්නේය.

රහස් පොලිසිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය මෙම නියෝග නිකුත් කළාය.

මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම සිදුකර තිබෙන නිර්දේශ මත, රහස් පොලිසිය පරීක්ෂණයක් ආරම්භකර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

එම පරීක්ෂණවල දී අදාළ සිද්ධියට මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන යන පුද්ගලයන් සම්බන්ධ බවට සැකකෙරෙන තොරතුරු අනාවරණය වී ඇති බැවින්, ඔවුන් සැකකරුවන් ලෙස නම් කිරීමට ඉඩදෙන මෙන්, රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසූන් පළිසේන යන පුද්ගලයින් මහබැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කිරීමට අවසර ලබා දුන්නේ එම ඉල්ලීම පිළිගනිමිනි.

විශේෂ නියෝගයක් !

මේ අතර අර්ජුන් ඇලෝසියස් මහතාගේ පර්පචුවල් ට්‍රේෂරීස් සමාගම සතු වත්කම් සහ අරමුදල් කිසිඳු පාර්ශවයකට තෑගි කිරීම, මාරු කිරීම, ආයෝජනය කිරීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) විශේෂ නියෝගයක් නිකුත් කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න