සජිත්ට කොළ එළියක් : රනිල් පක්ෂය බෙදීම වැළැක්වීමේ සූදානමක !

සජිත්ට කොළ එළියක් : රනිල් පක්ෂය බෙදීම වැළැක්වීමේ සූදානමක !

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබා දීමට එම පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ එකග වී ඇති බව අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.

පක්ෂය කැඩීයාම වළක්වා ගැනීම සඳහා පක්ෂ නායකයා ලෙස අගමැතිවරයා මෙම තීරණයට එළඹ ඇත්තේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිපදෙනෙකු සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදී බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට අගමැතිවරයා තීරණය කර ඇතිබවට සමාජ මාධ්‍ය වල වාර්තා පලවන අතර ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් සිය FB පිටුවේ මෙසේ පොස්ටුවක් පළකර ඇත.

Osala FB

විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම 26 දා :

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එක්සත්  ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ අනුමැතිය අද (24) රාත්‍රියේ පළවී ඇතැයි 'ලංකාදීප' වෙබ් අඩවිය ද වාර්තාකර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල්  වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්  කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති  අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට පක්ෂ නායකයන්ගේ ඒකමතික අනුමැතිය  හිමිවූ බව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයෙක් පැවසීය.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා නම් කිරීම් එක්සත් ජාතික පක්ෂය විසින් කළ යුතු බවට එළඹුණු  තීරණයට අනුව එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ක්‍රියාකරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයා  ඉදිරියේදී නම් කරනු ඇතැයි ද එම පක්ෂ නායකයා වැඩිදුරටත්ටත් සඳහන් කළේය.

මේ අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරන විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම  පක්ෂ නායක අගමැති රනිල්  වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (26) පෙරවරු 10.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න