ශ්‍රිලනිප අපේක්ෂකයකු අනිවාර්යයි : වෙල්ගම දැඩිව කියයි !

ශ්‍රිලනිප අපේක්ෂකයකු අනිවාර්යයි : වෙල්ගම දැඩිව කියයි !

එළැඹෙන ජනපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවත් ජනාධිපති සිරිසේන  හෝ වෙනත් අයෙක් ඒ වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම  පැවැසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

"මෙවර ජනපතිවරණයට නිදහස් පක්ෂය තරග කළ යුතුයි. අපිට මිනිස්සු ඉන්න බව පෙන්වන්න ඕන. පක්ෂය තිබෙන බව පෙන්වන්න ඕන. ජනපතිත් ඉන්නවා. වෙනත් කෙනෙක් ඉන්නවානම් අපි සහාය දෙනවා.

තාම මගේ නම යෝජනා වී නෑ. කවුරුවත් නැත්නම් නිදහස් පක්ෂය මං ගැන බලයි. මම හොඳද කියන එක ඒ අය බලයි. මගේ නම යෝජනා වුණොත් මම ඉදිරිපත් වෙනවා.

මට ඉදිරියට යන්න පුළුවන්. මට අභියෝගයක් නෑ. මිනිස්සු දන්නවා කුමාර වෙල්ගම කෙලින් කථා කරන කෙලින් මිනිහෙක් කියලා දන්නවා. මා ගැන මිනිස්සුන්ට ලොකු විශ්වාසයක් තිබෙනවා" 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න