ගොට්ටන් නොපැතූ දේ සිදුවෙයි : සජිත්ගේ අපේක්ෂකත්වය ඒකජන්දයෙන් සම්මතයි !

ගොට්ටන් නොපැතූ දේ සිදුවෙයි : සජිත්ගේ අපේක්ෂකත්වය ඒකජන්දයෙන් සම්මතයි !

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනීමට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අද (26) දිනයේ දී සමත්විය. ඒ, අද දිනයේ 'සිරිකොත' එජාප මුලස්ථානයේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තින්දුවකිනි. 

පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කිරීමෙන් අනතුරුව එයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශක, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු 'බීබීසී සිංහල සේවය'ට පැවසීය. 

අගමැති රනිල් වික්‍රමසිංහ 2005 දී ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත්වන පළමු අවස්ථාව මෙය වේ.

2010 සහ 2015 ජනාධිපතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂය පොදු අපේක්ෂකයන්ට සහය පළ කළේය. 

වත්මන් රජයේ නිවාස සහ සංස්කෘතික අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයා ය. 

එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදය සනිටුහන් කළ අවස්ථාවක් !

එජාප අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එම පක්ෂය තුල ප්‍රබල අභ්‍යන්තර සංවාදයක් පැවති අතර 'පොහොට්ටු' පක්ෂයේ නායකයින් දිගින් දිගටම ප්‍රකාශකර සිටියේ, සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට කිසිඳු ලෙසකින් ජනාධිපති අපේක්ෂකත්වය හිමි නොවන බවයි.

කෙසේවුවද එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පැවති සංවාදය විග්‍රහකරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර බොහෝ අවස්ථාවන් හි දී පැවසුයේ, අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය අභ්‍යන්තරයේ පවතින මත ගැටුම  බෙහෙවින් අගයකළ යුතු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් බවයි. 

එය 'ගොට්ටන්ගේ' පවුලේ පක්ෂයට ආගන්තුක වුවද එක්සත් ජාතික පක්ෂය තුල පවතින ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව සනිටුහන් කිරීමක් බව අවධාරණය කර තිබු ඇමතිවරයා, අගමැති රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපති කරවන බව මාධ්‍ය හමුවේ මිට සති කිහිපයකට පෙර ප්‍රකාශ කළේය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න