ලසන්ත ඝාතනය : හිටපු පොලිස් ලොක්කෝ තුනක් මාට්ටු !

ලසන්ත ඝාතනය : හිටපු පොලිස් ලොක්කෝ තුනක් මාට්ටු !

සන්ඬේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සම්බන්ධයෙන් සැකපිට ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් තිදෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා තිබේ.

මෙම ඝාතනය සිද්ධියේ සාක්කි වසන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කිරීමට ඉඩ ඇති හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ඇතුලූ හිටපු උසස් පොලිස් නිලධාරීන් තිදෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාට අමතරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහත්වරුන්ගේ ද විදෙස් ගහන් තහනම් කරන අධිකරණය නියෝග කළේය.

ගල්කිස්ස හිටපු OIC රිමාන්ඩ් :

මේ අතර සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා අබිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරද්දී සාක්කි විනාශ කළේයැයි සැකපිට අත්අඩංගුවට ගත් ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතා අධිකරණයයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 16 දක්වා රිමාන්ඩ් භාරයට පත්කර කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සැකකරු ඊයේ (02) රාත්‍රී 10.30 ට පමණ මහේස්ත්‍රාත් නිල මැදිරියට ඉදිරිපත් කරමින් රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යංශයේ සිටි උසස් නිලධාරියකුගේ උපදෙස් පරිදි උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මෙම සිද්ධියේ සාක්කි විනාශ කළ බවට කරුණු අනාවරණය වන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න