ලලිත් - කූගන් අතුරුදහන් කිරීම : ගෝඨාට පනින්න දුන්නට යාපනයේ විරෝධතා !

ලලිත් - කූගන් අතුරුදහන් කිරීම : ගෝඨාට පනින්න දුන්නට යාපනයේ විරෝධතා !

ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් යන දේශපාලන ක්‍රියාකාරිකයින් දෙදෙනා අතුරුදන් කරවීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති හබෙයාස් කොපූස් පෙත්සමට අදාළව සාක්ෂි ලබා දීමට 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට අද (27) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට කර තිබූ නියෝගයක් අත් හිටුවමින් පසුගිය 24 දා අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබීමට විරෝධය පළකරමින් 'පෙරටුගාමී සමාජවාදී පක්ෂය' අද යාපනය බස්නැවතුම්පල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවිය.

ලලිත් - කුහන් අතුරුදන් කළ ගෝඨාට
කට්ටි පැනීමට ඉඩදුන් අධිකරණ වාරණය හෙලා දකිමු!

යුක්තිය ඉටු කරනු!
අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය මැතිවරණ බල පොරයට යට කිරිමට ඉඩ නොදෙමු!


ආදී සටන් පාඨ සහිත බැනර් හා පුවරු රැගෙන ඔවුන් එම විරෝධතාවයේ නිරතවිය.

Pertugami Jaffna
උද්ඝෝෂණයෙන් අනතුරුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සිය FB පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

''අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ලලිත් සහ කුහන් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් වූ නඩුව විභාගයට ගත් අතර අද සාක්ෂි දීමට නියමිතව සිටි ගෝඨාභය රාජපක්ෂ නොපැමිණෙන බව ඔහුගේ නීතීඥයන් අධිකරණයට දැනුම් දුන්නේය.

ලලිත් සහ කුහන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥයන් අභියාචනාධිකරණ වාරණ නියෝගයේ වලංගු කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ යාපනයට පැමිණියහොත් ඔහුට එරෙහිව අධිකරණය නොමග යැවීම හා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර  ගන්නා ලෙස ඉල්ලීය. එම වාරණ නියෝගය දෙසැම්බර් 3 වැනිදා දක්වා වලංගු වේ.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ අධිකරණය මගහැර යාම වැලැක්වීම සඳහා ජනාධිපතිවරණයට පෙර ඔහු අධිකරණයට කැඳවන ලෙස කළ ඉල්ලීම පිලිගත් විනිසුරුවරයා ඔක්තෝබර් 31වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ගෝඨාභය රාජපක්ෂට නියෝගයක් නිකුත් කළේය.'

පුබුදු ජයගොඩ සිය FB පිටුවේ පළකර ඇති පොස්ටුවක මෙසේ ද සඳහන් වේ.

Pubudu FB

සබැඳි පුවත් :

ගෝඨා යාපනයේ අධිකරණයට යන්න බයයි කියයි : ලලිත් - කූගන් නඩුවට අතුරු තහනමක් !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න