තොණ්ඩමන් වැට උඩ : වැඩි බර සජිත්ට !

තොණ්ඩමන් වැට උඩ : වැඩි බර සජිත්ට !

මෙවර ජනාධිපතිවරණයේදී සහය දෙන්නේ සජිත් ප්‍රේමදාසට ද? ගෝඨාබය රාජපක්ෂට ද? යන කාරණය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ උණුසුම් සංවාදයක් මතුව ඇතිබව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මේ වනවිට රාජපක්ෂවරුන් සමග පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ සිටියද මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය දියයුතු බවට එම පක්ෂයේ අභ්‍යන්තරයෙන් ඔහුට දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

තම පක්ෂය විසින් හඳුනාගෙන ඇති වතුකරයට බලපා කරුණු 32ක් සම්බන්ධයෙන් ඇමැති සජිත් ප්‍රේමදාස සහ ගෝඨාබය රාජක්ෂ සමග සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් පවසයි.

එහිදී ලැබුන ප්‍රතිචාර සලකා බලා ලංකා කම්කරු කොංග්‍රසයේ තීරණය මෙම සතියේදී ප්‍රකාශ කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න