සජිත් දිනනවා : වික්ටර් අයිවන්ගේ විග්‍රහය මෙන්න !

සජිත් දිනනවා : වික්ටර් අයිවන්ගේ විග්‍රහය මෙන්න !

මෙවර ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට පහසු ජයග්‍රහණයක් අත්වන බවට  ප්‍රවීන දේශපාලන විචාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අනාවැකි පළකරයි.

'රාවය' පුවත්පතේ උපදේශක වික්ටර් අයිවන්, එම කාරණය අවධාරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ පවතින සමාජ තත්ත්වයන් මෙසේ සැකෙවින් විග්‍රහකරමිනි. 

''සාමාන්‍යයෙන් දුප්පත් හා පීඩිතම ජනයා සජිත් දකින්නේ ගැලවුම්කාරයෙක් විදිහට. ඒක දේශපාලනයේ, සමාජයේ, විශේෂයෙන්ම ඡන්ද පදනමේ ලොකු ගැඹුරු වෙනසක් ඇති කරනවා. ඒ කියන්නේ මම දකින්නේ ඇත්තටම සජිතුයි ගෝඨයි අතර තරඟයේදී, සජිත් පහසු ජයග්‍රහණයක් ලබා ගන්නවා. 

ඒ පීඩිතයි කිව්වම සිංහයලයින් කෙරෙහි විතරක් නෙවෙයි සජිත් බලපාන්නේ. පීඩිතයි කිව්වම ඒ කියන්නේ උතුර කෙරෙහිත් බලපානවා, වතුකරය කෙරෙහිත් බලපානවා. මොකද ඒගොල්ලො හරි පීඩිතයි. ඒගොල්ලො කාගෙත් ආශ්වාදජනක නායකයෙක් තමයි සජිත්. ඒක ගෝඨට නෑ. 

ගෝඨට තියෙන්නේ වෙනම පදනමක්. එතකොට සජිත්ට තියෙන වාසිය තමයි යූඑන්පී පදනමට අතිරේකව අනිත් අයගේ පදනම්වලින් ඡන්ද ලොකු සංඛ්‍යාවක් ලබාගන්න පුළුවන් ...''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න