හිටපු මැති ඇමතිවරුන් සජිත් සමඟ එක්වෙයි !

හිටපු මැති ඇමතිවරුන් සජිත් සමඟ එක්වෙයි !

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට හිටපු මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු තීරණය කර ඇත.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රීක්කය නියෝජනය කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අශෝක වඩිගමංගාව, පොලොන්නරුව දිස්ත්‍රීක්කය නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන තිලක් මහලේකම්ගේ , පුත්තලම දිස්ත්‍රීක්කය නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නියොමාල් පෙරේරා, ගාල්ල දිස්ත්‍රීක්කය නියෝජනය කළ හිටපු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර සොයිසා සහ කෑගල්ල දිස්ත්‍රීක්කය නියෝජනය කළ හිටපු රාජ්‍ය ඇමතිනි සමන්තා කරුණාරත්න වැනි එජාපයේ හිටපු ජේෂ්ඨයින් කිහිප දෙනෙකුම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට සහාය දැක්වීමට තීරණය කර ඇති බව හිටපු අමාත්‍ය උපාලි පියසෝම  පැවසිය.

එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටි හිටපු අමාත්‍ය උපාලි පියසෝම, සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය හිමිවූ දිනයේම (26) යළි 'සිරිකොත' පක්ෂ මුලස්ථානයට පැමිණ සජිත් ප්‍රේමදාස හමුවී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සක්‍රියව දායකවීමට එකඟත්වය පළකළේය.

ඒ අනුව, සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් එක්සත් ජාතික පක්‍ෂය හැර ගිය මැති ඇමතිවරුන් මෙන්ම පක්‍ෂයේ හිටපු  ක්‍රියාකාරීන් යළි ඒකරාශි කිරීමේ වගකීම ඔහු හා හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක වෙත පවරා තිබිණ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. නාවින්නද ඊයේ (28) එක්විය. ඒ, මංගල සමරවීර අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිල නිවසේදී මාධ්‍ය හමුවක් කැදවමිනි.

එස්. බී. නාවින්න මන්ත්‍රීවරයා ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිදුවූ බල පෙරළියත් සමග යළි එවකට අගමැතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට සහය පළ කිරීමට ද එක්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න