විකල්පය චමල් : ස්වාධීනව ඇප මුදල් බඳියි !

විකල්පය චමල් : ස්වාධීනව ඇප මුදල් බඳියි !

රාජපක්ෂ පවුලේ වැඩිමල් සහෝදරයා වන හිටපු කථානායක චමල් රාජපක්ෂ, විකල්ප අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දීමට සූදානමින් සිටින බව රාජපක්ෂ කඳවුරේ 'lankacnews.com' වාර්තා කරයි.

ගෝඨාබය රාජපක්ෂට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මේ වනවිට පෙත්සමක් ද ගොනුකර ඇත.

හෙට දිනයේ (02) සලකා බැලෙන එම නඩුවේ තීන්දුව කුමක් වුවත් ඉදිරි කාලයේ දී ද ගෝඨාබය රාජපක්ෂට විරුද්ධව විවිධ නඩු පවරනු ඇතැයි සලකා මෙම තීරණය ගැනීමට තීන්දු කර ඇත.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය තෙක් කාලසීමාවේදී ගෝඨාබය රාජපක්ෂට යම් නීතිමය බාධාවක් නොවුවහොත් චමල් රාජපක්ෂ අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වනු ඇති බවත්, ගෝඨාබය රාජපක්ෂට යම් බාධාවක් මතුවුවහොත් චමල් රාජපක්ෂ විකල්ප අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවද එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

චමල් රාජපක්ෂට රාජයෝගයක් ඇතයි ප්‍රවීන ජෝතිෂ්‍යයවේදී ආචාර්ය සුජිත් නිශාන්ත පසුගියදා අනාවරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න