ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වී සිටින හිටපු හමුදාපති මහේෂ් සේනානායකට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව විසින් මෙම පැමිණිල්ල ගොනු කොට ඇත.
එම පැමිණිල් මගින් ඔහු සඳහන් කරන්නේ සර්වෝදය අරමුදලේ මුදල් මහේෂ් සේනානායකගේ දේශපාලන කටයුතු සදහා අවභාවිතා කරන බවයි.
එසේම නෝර්වේ ඇතුළු සර්වෝදය ව්‍යාපාරය සඳහා අරමුදල් සම්පාදනය කරන රටවල්වල ආධාර මේ සඳහා යොදාගනිමින් ඇති බවත් එම පැමිණිලිකාර පාර්ශවය සඳහන් කරයි.
පාස්කු දිනයේ එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වලක්වා නොගැනීම සම්බ්නදයෙන්ද හිටපු හමුදාපතිවරයා වගකිව යුතු බවත් පැමිණිල්ලෙන් ඔහු කියා සිටියි.