වෙල්ගම හෙට ඇප මුදල් බඳියි : තීන්දුව කියන්න ජනාධිපති හමුවෙයි !

වෙල්ගම හෙට ඇප මුදල් බඳියි : තීන්දුව කියන්න ජනාධිපති හමුවෙයි !
එළැඹෙන ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන්නේ නම් ඒ සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම හෙට (04) ඇප මුදල් බැඳ ඉදිරිපත් කිරීමේ සූදානමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ලේකම් නීතිඥ රජිත කොඩිතුවක්කු අද මේ බව මාධ්‍ය වෙත අනාවරණය කළ අතර ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ජනාධිපති සිරිසේන හමුවී ඇති බවත් ඔහු පවසයි.
 
එහිදී වෙල්ගම මන්ත්‍රීවරයා විසින් සිය ස්ථාවරය ඇතුළත් ලිපියක් ජනාධිපති සිරිසේන වෙත ලබාදීමට නියමිත අතර පසුව එය මාධ්‍ය වෙතද නිකුත්කරන බවත් ඔහු පැවසීය.
 
කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය  ප්‍රමුඛ ශ්‍රිලනිප සංවිධායකයන් මෙම තීරණය ගෙන ඇත්තේ එම පක්ෂයේ කොටසක් ගෝඨාභය රාජපක්ෂ වෙත සහය දැක්වීමට ඉදිරිපත් වීමත් සමගය.
 
 දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඒකාධිපති පවුල් පාලනයක් වෙනුවෙන් යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරීමට වඩා වැඩි දෙයක් පොහොට්ටු පාර්ශවය සමග සන්ධානගතවීමෙන් සිදුනොවන බවය.
 
එසේම ශ්‍රිලනිප ය ප්‍රමුඛ බලවේග වල රාජපක්ෂ පවුලට හැර වෙනත් කිසිවෙකු වෙත ජනාධිපති ,අගමැති විය නොහැකි බවට ඉතා පසුගාමී අදහසක් ගොඩනගා ඇති බවත් ඊට එරෙහිව මේ මොහොතේ ක්‍රියාකිරීම සෑම ශ්‍රිලනිප සාමාජිකයකු සතු යුතුකමක් බවත් ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න