යළිත් රාජපක්ෂ පාලනයකට ඉඩ තියෙන්නේ නෑ - අගමැති රනිල් 

යළිත් රාජපක්ෂ පාලනයකට ඉඩ තියෙන්නේ නෑ - අගමැති රනිල් 

ජනතාවගේ බඩට ගැසූ රාජපක්ෂවරුන්ට නැවත බලයට ඒමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  අවධාරණය කරයි.

ඊයේ (06) කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කළේය.

අවුරුදු 10 ක් රට පාලනය කළ රාජපක්ෂවරුන්ට බඩු මිල අඩු කිරීමට නොහැකි වූ බවත් එසේ කළ නොහැකි වූයේ ඇයි දැයි පොහොට්ටුවේ අපේක්ෂකයා ජනතාවට කිව යුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදි කීවේය.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ජනතාවට තවදුරටත් සහන සලසමින් බඩු මිල අඩු කරන බව ද හෙතෙම කීය.

පසුගිය ආණ්ඩුව රට පාලනය කර අසාර්ථක වූ තැන අකැමැත්තෙන් මැතිවරණයක් පවත්වා පරාජයට පත්වූ බවත් එවැනි පිරිසකට නැවත රටේ පාලනය බාර දෙනවාද කියා ජනතාව සිතා බැලිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න