ශ්‍රිලනිප තීන්දුව අද රෑ : පොහොට්ටු වේදිකාවට නගින්න මට බෑ - මෛත්‍රී 

ශ්‍රිලනිප තීන්දුව අද රෑ : පොහොට්ටු වේදිකාවට නගින්න මට බෑ - මෛත්‍රී 

ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂයක් ලෙස ගත යුතු පියවර සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයා විසින් ඊයේ (06) රාත්‍රීයේ ද කැඳවා තිබු නමුත්, එම රැස්වීමද අවසන් වුයේ කිසිඳු එකඟතාවයකින් තොරවය.

ඒ අනුව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රාත්‍රීයේ යළි කැඳවීමට තීරණය කර තිබේ.

ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය දක්වන්නේ ද නැද්ද ? යන කාරණය සම්බන්ධයෙන් උණුසුම්කාරී මත ගැටුමක් සිදුව ඇති අතර එහිදී නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල හා රන්ජිත් සියඹලාපිටිය යන මන්ත්‍රීවරුන් ගෝඨාබයට සහය දැක්විය යුතු බවට අදහස් දක්වා ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පොහොට්ටුවට එක්වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවී, විනාශවී යන බව ශ්‍රීලනිප ආසන සංවිධායකයින් බහුතරයකගේ අදහස වී ඇතැයි පෙන්වා දී ඇති අතර ''මම නම් පොහොට්ටු වේදිකාවට නගින්නේ නැහැ'' යයි අවධාරණය කර තිබේ. 

දුමින්ද දිසානායක හා දයාසිරි ජයසේකර ද ජනාධිපතිවරයාගේ ස්ථාවරය අනුමත කරමින් අදහස් දක්වා ඇති අතර එහිදී තිලංග සුමතිපාල හා ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව ඇත.

කෙසේවුවද ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අද (07) පෙරවරුවේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව 'නෙත් නිවුස්' කළ විමසීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පැවසිය.

එහෙත්, ශ්‍රීලනිප තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසුයේ, අද (07) රාත්‍රී පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීන්දුවක් ගන්නා තෙක් පක්ෂයේ තීන්දුවක් ප්‍රකාශය කිරීමට නොහැකි බවයි.

නිමල් සිරිපාලගේ බල මණ්ඩලය ගෝඨාට !

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාබය රාජපක්ෂට සහාය දැක්විය යුතු බවට යෝජනාවක් බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලය විසින් සම්මත කර ගෙන ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප නායකයා වන්නේ නිමල් සිරිපාල ද සිල්වාය.

ඒ අතර බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුරු දේවප්‍රිය, ගාල්ල දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වේදිකාවලට ගොඩ විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න