තලතාගෙන් ගෝඨාට අභියෝගයක් !

තලතාගෙන් ගෝඨාට අභියෝගයක් !

විපක්ෂ නායක  මහින්ද රාජපක්ෂ නොමැතිව තනිවම වේදිකාවකට හෝ රූපවාහිනි විවාදයකට පැමිණේන ලෙසට තමන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි. 

අමාත්‍යවරිය  මෙම අදහස් පළ කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් ජනාධිපතිවරණ ප්‍රධාන කාර්යාලය රත්නපුර වෙරලුප ප්‍රදේශයේ දී විවෘත කිරීමේ අවස්ථාවට අද (07) පෙරවරුවේ එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.  

අධිකරණය ස්වාධීන බව හිටපු ජනාධිපතිවරයා පවසනවා නම් ඒ සම්බන්දයෙන් සතුටු වෙන බවත් එහිදී අමාත්‍යවරිය පැවසීය.

 තවද එක්සත් ජාතික පක්ෂය රට අමෙරිකාවට විකුණන බවට සහ අමෙරිකාවත් සමඟ සෝපා ගිවිසුම අත්සන් කරන බවට චෝදනා කරන පිරිසම අමෙරිකාවෙන් ගෙනා කෙනෙකු ජයග්‍රාහණය කිරීමට කටයුතු කරන බවද අවධාරණය කල අමාත්‍යවරිය මේ පිටුපස තියෙන කුමන්තුණය කුමක්ද යන්න තමන් විමසන බවද පැවසුවාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න