කුමාර වෙල්ගම නාම යෝජනා නොදුන්න හේතුව මෙන්න !

කුමාර වෙල්ගම නාම යෝජනා නොදුන්න හේතුව මෙන්න !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසයි.

අද (07) මාධ්‍යවෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර  චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා  ඇප මුදල් භාරදී නාම යෝජනා භාර නොදුන් බැවින් තමන්ද නාම යෝජනා භාර නොදී සිටීමට අවසන් මොහොතේ තීරණය කළ බවත් ඔහු පවසා ඇත.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ යුතු බවට වන ස්ථාවරයේ තමන් දැඩිව සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂට සහාය ලබා දුනහොත් කෙටිකාලීනව දේශපාලන විවේකයක් ලබා ගන්නා බවත් මන්ත්‍රීවරයා මෙහිදී පවසා ඇත.

තවද ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව ඉල්ලා ජයග‍්‍රහණය කිරීමට නොහැකි බව හැඟී ගිය හෙයින් මෙවර නාම යෝජනා භාර නොදුන් බවත් රාජපක්ෂවරුන්ට පමණක් තරග බිමට ඒමට අවස්ථාවක් ලබා දිය නොහැකි බවත්, ගෝඨාභය රාජපක්ෂ වෙනුවට දිනේෂ් ගුණවර්ධන හෝ ඉදිරිපත් වූයේ නම් තමන්ට ගැටලුවක් නොමැති බවත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න