බැසිල් ජනපති හමුවෙයි : මරභිය නිසා අමරවීර ගෝඨාභයට !

බැසිල් ජනපති හමුවෙයි : මරභිය නිසා අමරවීර ගෝඨාභයට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අද (08) පෙරවරුවේ ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට ශ්‍රීලනිපයේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇත.

එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ හෙට (09) පැවැත්වෙන ගෝඨාබය රාජපක්ෂගේ මංගල මහ රැලියේදී අත්සන් කිරීමට අනුමැතිය ලබා දෙන ලෙස ද බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා තිබේ.

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගනුලබන තීන්දුව මේවනතෙක් ප්‍රකාශයට පත්කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමේ බලය එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපතිවරයා වෙත පවරා තිබේ.

ජනාධිපතිවරයා මෙතෙක් සිය තීන්දුව ප්‍රකාශකර නැතත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුම හෙට (09) අනුරාධපුරයේ පැවැත්වෙන රැලියට සහභාගී වීමට දැනටමත් තීරණය කර තිබේ.

නිමල් සිරිපාල ද සිල්වා, නිශාන්ත මුතුහෙට්ටිගම, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රන්ජිත් සියඹලාපිටිය යන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එසේ හෙට පැවැත්වෙන රැලියට එක්වීමට නියමිත බව වාර්තාවේ.

ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්‍රතිපලය ද සලකා බලා ජනාධිපතිවරයාගේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝම්බර් මස 11 වන සිකුරාදා පැවැත්වේ.
 
මරබය නිසා අමරවීර ගෝඨාභයට !
 
මේ අතර ඊයේ (07) රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පොදුජන පෙරමුණ වෙත සහය දැක්වීමට හේතුව අනාවරණය වී ඇත.
 
ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට තමන් මේ මොහොතේ පොහොට්ටුවට සහය දිය යුතු බව කියන්නේ රාජපක්ෂවරුන්ගේ තරම හොඳින් දන්නා නිසා බවත් යම් ආකාරයකට ශ්‍රීලනිප සහය නොමැතිව ගෝඨාභය ජයග්‍රහණය කල හොත් තමන්ට හම්බන්තොට සිටීම කෙසේ වෙතත් ජීවත්වීමත් විශ්වාස නොමැති බව අමරවීර මන්ත්‍රීවරයා පවසා ඇත.
 
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න