මෛත්‍රී දාන පාරමිතාවේ  : ශ්‍රීලනිප තාවකාලික සභාපති මහින්ද අමරවීර ?

මෛත්‍රී දාන පාරමිතාවේ  : ශ්‍රීලනිප තාවකාලික සභාපති මහින්ද අමරවීර ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් තාවකාළිකව ඉවත්වී වැඩ බලන සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පත්කිරීමේ සූදානමක් ඇති බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
 
එසේම ජනාධිපතිවරණ සාමය තුළ  පක්ෂයේ තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂ දේශපාලන මණ්ඩලයක් පත්කිරීමට නියමිත බවත් එම ආරංචිමාර්ග පවසයි.
 
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට  ලංකා නිදහස් පක්ෂය මෙම තීරණය ගෙන ඇත්තේ හෙට (09) අනුරාධපුරයේ පැවැත්වෙන පොදුජන පෙරමුණ පළමු රැලියේ වේදිකාවට ගොඩවී  පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවන ලෙසත් එසේ නොවුනහොත් පක්ෂයේ තවත් බෙදීමක් සිදුකරන බවට එස්.බී. දිසානායක, තිලංග සුමතිපාල, නිමල් සිරිපාල ද සිල්වා, රංජිත් සියඹලාපිටිය ඇතුළු පිරිසක් සිදුකල බලපෑමේ ප්‍රතිඵලයක් ලෙසයි.
 
කෙසේ වුවත් තවමත් ජනාධිපතිවරයා සිටින්නේ ආසන සංවිධායකවරුන්ගේ බහුතර ඉල්ලීම සහ පක්ෂය වෙනුවෙන් මෙතෙක් දැඩි කැපවීමකින් කටයුතු කළ මන්ත්‍රීවරුන් සහ පක්ෂ ක්‍රියාකාරීන්ගේ අදහස් විමසා මේ ගැන තීරණය කල යුතුය යන  ස්ථාවරයේ බවත් වාර්තා වෙයි. 
 
180 කට ආසන්න ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් අතුරින් බහුතරයක් මෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුත් ජනාධිපතිවරයාගේ මෙම ස්ථාවරයේ සිටින බවත් දැනගන්නට ඇති අතර  එසේම දේශපාලන තීන්දුවක් ගැනීමේදී විචක්ෂණශීලී විය යුතු බවත් එබැවින් වෙනත් පක්ෂයක තීන්දු තීරණ සහ දින වකවානුසහිත න්‍යාය පත්‍ර මත කටයුතු කිරීමට ගියහොත් පක්ෂය බලවත් අන්තරාවකට මුහුණදීම අනිවාර්ය බව ඔවුන්ගේ ස්ථාවරය බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න