ඓතිහාසික මිහින්තලය ජාතික උරුමයක් වෙයි !

ඓතිහාසික මිහින්තලය ජාතික උරුමයක් වෙයි !

ඓතිහාසික මිහින්තලය පුද බිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ අනුබුදු මිහිදු මහා රහතන් වහන්සේගේ පරිනිර්වාණ පිංකම සැමරීම වෙනුවෙන් පසුගියදා  මිහින්තලය, රජ මහා විහාරයේදී පැවැත්වෙන ජාතික මහෝස්තවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සහභාගි විය.

මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමඛ ස්වාමීන් වහන්සේලා 1500 නමක් සහ මෙහෙනින් වහන්සේලා සියක් නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සාංගික දානමය පිංකම අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මිහින්තලය රජ මහා විහාරස්ථානයේදී පැවැත්විණි.

එහිදී මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ අනුශාසනාවක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරායා විසින් මිහින්තලය රජ මහා විහාරය සදහා දක්වන දායකත්වය අගය කරමින් අග්‍රාමාත්‍යවරයා හා එතුමාගේ මැණියන් විසින් පළමුවරට මිහින්තලය පුද‍බිමේ අලෝක පූජාවක් පැවැත්වීම පිළිබදව ද සිහිපත් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, විදුලි බල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක,කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර යන දේශපාලනඥයින් ඇතුළු බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න