පූජිත් සහ හේමසිරිගේ ඇප කැන්සල් :අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් !

 පූජිත් සහ හේමසිරිගේ ඇප කැන්සල් :අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් !

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධව සැකපිට   අත්අඩංගුවට ගෙන  ඇප මත මුදා හළ  ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු  ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ලබා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර  වෙත ඇප දීමට අදාල  කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය ඉවත දැමු කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි  ඔවුන් දෙදෙනා රිමාණ්ඩ් භාරයට ලත් කිරිමට අවශ්‍ය  පියවර ගන්නා ලෙස නියම කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තමන්ට නැති බලයක් ආරෝපණය කර ගනිමින් මොවුන් දෙදෙනාට ඇප ලබා දිමට ගත් තිරණය නීතිවිරෝධි බවට තිරණය කළ විනිසුරුවරයා මහේස්ත්‍රාත්වරියගේ තිරණය සැකකරුවන් ඇප ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තීන්දුව ප්‍රතිශෝධනය කිරිමටද නියම කළේය.

මේ අනූව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ වැඩ තහනම් කර අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න