පූර්ව මැතිවරණ නීතී-රීතී පිළිබද විද්‍යුත් මාධ්‍යට උපදෙස්

පූර්ව මැතිවරණ  නීතී-රීතී පිළිබද විද්‍යුත් මාධ්‍යට උපදෙස්

පූර්ව මැතිවරණ  සමයේ  නීතී රීතී උපරිම ආකාරයෙන් පිළිපදින්නැයි  විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ට මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.
 
විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්  අද (9) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  එම උපදෙස් ලබා දී තිබේ.
 
මැතිවරණ සමයේදී අනුගමනය කළ යුතු මාධ්‍ය උපමාන පිළිපදින්නෙකු  එසේ කළ නොහැකිනම් ඒ බව  දන්වා  මැතිවරණ  කොමිසමට ලිඛිතව දැනුම් දෙන්නැයිද  මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී සඳහන් කළේය.

නීතී රීතී උල්ලංඝණය කරමින්  සිදු කරන  ප්‍රචාරණ කටයුතු සහ සජීවී විකාශන බලතල භාවිත කර  තහනම් කරන බවද නිලධාරීන්ට එරෙහිව තදින් නීතීය ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා විද්‍යුත්  මාධ්‍ය  ප්‍රධානීන්ට  දන්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න