Language Switcher

V2025

සිවිල් සංවිධාන එකමුතුවේ සහාය සජිත්ට

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරකින අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණින් 2015 වසරේදී ඇරඹුණු යහපාලන වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාසට සහයෝගය දක්වන බව සිවිල් සමාජ සහ වෘත්තිය සමිති එකමුතුව එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී පැවසූහ.

ඔවුන් එසේ ප්‍රකාශ කළේ ඊයේ (09) කොළඹ නව නගර ශාලාවේ පැවැති සමුළුවට සහභාගි වෙමිනි.

 මෙය අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එජාපෙ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

මෙහිදී සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් අලුත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සඳහා වූ සිවිල් සමාජ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ යෝජනා අගමැති රනිල් වික්‍රමසිංහට සහ ඇමැති සජිත් ප්‍රේමදාසට පිළිගන්වන ලදී.

'රයිට් ටු ලයිෆ් 'සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, අතුරුදහන් වූවන්ගේ පවුල් සංවිධානයේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු, නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න, ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි වූ අතර ඔවුන් සියලු දෙනාම මේ අවස්ථාවේ ප්‍රකාශ කළේ, ඇමැති සජිත් ප්‍රේමදාස ට ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කිරීම සඳහා තම උපරිම ශක්තිය යොදා ක්‍රියා කරන බවයි.

කැමැත්තෙන් ආපසු අපායට යා යුතු නෑ - අගමැති

මෙහිදී සමුළුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ජීවිත අයිතිය සහ නිදහස ආරක්ෂා කරන සමාජය ඉදිරියටත් සුරක්ෂිත කිරීම සඳහා ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති ධූරයට පත් කළ යුතු බවයි.

2015දී රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට සිවිල් සමාජ කළ මෙහෙවර අති විශාල යයිද ප්‍රකාශ කළ අගමැතිවරයා තුනෙක් දෙකක බහුතරයක් තිබෙන ආණ්ඩුවකට වඩා වත්මන් ආණ්ඩුව ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරමින් රට තුළ විශාල සංවර්ධනයක් සිදු කළ බවද මේ වන විට සිදු කරමින් පවතින බවද පැවසීය.

කැමැත්තෙන් අපායට යා යුතු නොවන හෙයින් නැවතත් රාජපක්ෂ යුගයට යා යුතු නොවන බවද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කළේය.test 01

ඇමැති සජිත් ප්‍රේමදාස මෙහිදී ප්‍රකාශ කළේ, දිනා ගත් නිදහස රැක ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් ශක්තිමත් කරනවාද යන්න පිළිබඳව මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව සිතිය යුතු බවයි.

ජනතාව එම තීන්දුව ගැනීමේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග අමතක නොකරන ලෙසද ඇමැතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙළ  සිඳලනු වෙනුවට මානව ශක්තිය බල ගැන්වීම උදෙසා   පසුතලය පුළුල් කිරීමට තමන් තවදුරටත් අපේක්ෂා කරන බව ද සජිත් ඇමතිවරයා මෙහිදී අවධාරණය කළේය.

sivil sajith 1000px