ශ්‍රිලනිප සභාපති ධූරයෙන් යන්නේ නෑ : මෛත්‍රී දැඩි ස්ථාවරයක

ශ්‍රිලනිප සභාපති ධූරයෙන් යන්නේ නෑ : මෛත්‍රී දැඩි ස්ථාවරයක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නැති බවත් මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකව කටයුතු කිරීමට තීරණය කර ඇති ඔහු, ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්වනතෙක් එනම්, නොවැම්බර් 18 දා දින දක්වා පමණක් ශ්‍රීලනිප සභාපති තනතුරේ වැඩ ආවරණය කිරීම සදහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කර ඇති බවත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසිය.

මෛත්‍රිපාල සිරිසේන ශ්‍රිලනිප සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූ බවට සමාජ ජාල ඔස්සේ පැතිර යන වාර්තා සම්බන්ධයෙන් ප කළ  විමසීමකදී එම මන්ත්‍රීවරයා ඉහත කාරණය අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉවත් වූ බවට ප්‍රචාරය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යය බව ශ්‍රීලනිප නිල වෙබ් අඩවියේ ද සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න