ශ්‍රීලනිපයේ ඉරණම : දුමින්දට පොහොට්ටුවෙන් හූ වරුසාවක් !

 ශ්‍රීලනිපයේ ඉරණම : දුමින්දට පොහොට්ටුවෙන් හූ වරුසාවක් !

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඊයේ (09) අනුරාධපුරයේ පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ප්‍රචාරණ රැළිය ඇමතූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වනු දැකිය හැකි විය. 

ඔහු වේදිකාවේ සිට ජනහමුව ඇමතීම ආරම්භ කළ මොහොතේ පටන් පොහොට්ටු සාමාජිකයින් ඔහුට හූ කීමට පටන් ගත් අතර ඉදිරියේම සිටි පිරිස ඔහුට නොයෙක් ආකාරයෙන් බැන වදිමින් දැඩි කලබැගෑනියක් ඇති කරනු පෙනිණි. 

"ඕකා ගන්න එපා. වාසියට පක්ෂ මාරු කරපු එවුන් අපට එපා. ඕකාට නාමයෝජනා දෙන්න එපා. ආවත් පරද්දනවා. අතට අහුවුණා නම් දනී" යනාදී වශයෙන් දැඩි විරෝධයක් දුමින්ද දිසානායක මහතා පොහොට්ටු සාමාජිකයින් එල්ල කළ අතර තත්වය පාලනය කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා මැදිහත් වීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත. 

මෙයින් ඉතාම පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ ශ්‍රීලනිපය පොහොට්ටුව සමඟ සන්ධානගත වුවත් ඉදිරි මැතිවරණයකදී ශ්‍රීලනිප අපේක්ෂකයින් පරාජයට පත් කිරීම සඳහා පොහොට්ටු සාමාජිකයින් හැකි සෑම දෙයක්ම කරනු ඇති බවය. මේ අනුව 2020 මහමැතිවරණයේදී ශ්‍රීලනිපය ඉතිහාසයේ අඩුම ආසන සංඛ්‍යාව ලබාගන්නා අවස්ථාව වුවත් සනිටුහන් වීමට ඉඩ තිබෙන බව පෙන්නුම් කෙරේ. 

(LNW )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න