88 88 පළාත් සභාවේ එජාප මන්ත්‍රී සංසදයත් : සජිත් දිනවන සටනට එක්වෙයි !

88 88 පළාත් සභාවේ එජාප මන්ත්‍රී සංසදයත් : සජිත් දිනවන සටනට එක්වෙයි !

ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කැපවීමේ යෝජනාවක් 1988 වසරේ පැවති පළමු පළාත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් "88 පළාත් සභා එජාප මන්ත්‍රී සංසදය" ඒකමතිකව සම්මත කළ බව වාර්තා වෙයි.

 "88 පළාත් සභා එජාප මන්ත්‍රී සංසදය" ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සමඟ එකතුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීමට විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවන බව  එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ කැඳවුම්කරු හිටපු රාජ්‍ය අමාත්‍ය උපාලි පියසෝම පැවසීය.

 "88 පළාත් සභා එජාප මන්ත්‍රී සංසදය" පසුගියදා රැස්වූ අවස්ථාවේ මෙම යෝජනාව සම්මත කර ඇති අතර එය සාමාජිකයන් 74කින් සමන්තිත වෙයි. මෙහි සභාපතිධුරය දරන්නේ 88 පළාත් සභා මැතිවරණයෙන් ඌව පළාත් සභාව නියෝජනය කර මන්ත්‍රීවරයෙකු වූ වාමු ජයතිලක වන අතර කැඳවුම්කරු ලෙස කටයුතු කරන්නේ වයඹ පළාත් සභාව නියෝජනය කළ ආර්.එම්.කේ.ජී. රත්නායක විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න