අධිකරණයට අබ සරණයි : නිදොස් කොට නිදහස් කිරීමේ බලයත් ගන්නා බව ගෝඨාබය කියයි !  

අධිකරණයට අබ සරණයි : නිදොස් කොට නිදහස් කිරීමේ බලයත් ගන්නා බව ගෝඨාබය කියයි !  

තමන් බලයට පත් වුවහොත් එදිනම, එනම් නොවැම්බර් 17 වනදාම "අසාධාරණ ලෙස සිරගත කර සිටින රණවිරුවන්" නිදහස් කරන බව ගෝඨාබය රාජපක්ෂ පවසයි.

කතික වේදිකාව අසල රඳවා තිබු  'ටෙලිප්‍රොම්ටරයේ' තිරයේ සටහන් බලමින් ඔහු එබව සඳහන් කලේ,  පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ ඊයේ (09) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති  මංගල රැළිය අමතමිනි.

PHOTO 2019 10 09 23 52 28

යුද ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ කිසිඳු  ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ  ආරක්ෂක අංශ සාමාජිකයකු සිරගතකර නොමැත. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මේ කියන්නේ  කුමක්ද ?
 
 මේ වන විට අධිකරණ නිඔග මත  බන්ධනාගාරගත කර සිටින ආරක්ෂක සාමාජිකයන් කිහිපදෙනා කවුද යන්න සොයා බැලීමේදීය. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් තරුණයන් 11 දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙනගොස් අතුරුදහන් කිරීම ඇතුළු ඝාතන සහ ඝාතන ප්‍රයත්නයන් කිහිපයකට අදාළ ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිපදෙනෙකු මිස වෙනත් කිසිවකු බන්ධනාගාර ගතකර නොමැත. ඒ සියලු අපරාධ සඳහා ඔවුන් යොදවා ඇත්තේ රාජපක්ෂ රෙජීම පාලනය යටතේ වන බවත් මේ වන විට අධිකරණ ක්‍රියාවලිය හමුවේ තහවුරු වී තිබේ.
 
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මේ කියන්නේ  රාජපක්ෂ යුගයේ දේශපාලන සහ කප්පම් ගැනීම්, පැහැරගෙන යාම් , අතුරුදහන් කිරීම්, ඝාතන ආදී අපරාධ සඳහා සම්බන්ධ වුවන් "රණවිරුවන්" යන ලේබලය යටතේ නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවය. එසේම නොවැම්බර් 16 පැවැත්වෙන ජනාධිපතිවරණය අවසන්ව ප්‍රතිඵල නිකුත් වන 17 වනදා දිනයේ මෙම අපරාධකරුවන් නිදහස් කරන බව පැවසීම හරහා පෙන්නුම් කරන්නේ අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍ය යන කිසිවක් නොතකා කටයුතු කිරීමට ගෝඨාභය රාජපක්ෂගේ ඇති සුදානමයි.
 
මේ ආකාරයට අපරාධකරුවන් නිදහස් කිරීමට ජනාධිපතිවරයෙකුට ඇති බලය කුමක්ද යන්න  සම්බන්ධවද නීති විශාරදයන් විමසා බැලිය යුතුව ඇත. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ සිය සැබෑ  පළමු මැතිවරණ පොරොන්දුව ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ රාජපක්ෂ රෙජීම පාලන සමයේ අපරාධ සිදුකල සියලු දෙනා නිදහස් කිරීමය. 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න